Categories: Latest News SI

“ක්ලීන් ශ්‍රී ලංකා” (Clean Sri lanka) ජාතික වැඩසටහනට සමගාමීව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ උත්සවය 2025 ජනවාරි මස 01 දින මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, ගරු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, අමාත්‍යංශ ලේකම් රවී සෙනවිරත්න මහතා ඇතුළු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතන වල නිලධාරීන් සහභාගී විය.

 

Off