Categories: Latest News SI

ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසියට අවශ්‍ය භෞතික සම්පත් අතර වාහන මූලික ස්ථානයක් ගනු ලබයි. ඒ අතරින් උතුරු පළාතේ පොලිස් ස්ථානයන් වෙත කැබ් රථ මිල දී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 300ක මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබා දීම සඳහා වන අවබෝධතා ගිවිසුම 2025 ක් වූ ජනවාරි මස 15 වන දින ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ දී අත්සන් තබන ලදී. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී ඩබ්ලිව් ආර් බී සෙනෙවිරත්න මහතා සහ ඉන්දියානු රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජ්හා මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

Off