Categories: Latest News SI

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා 2025.02.19 අද දින පෙරවරුවේ ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හමු විය.
දෙරට අතර පවතින ආර්ථික හා දේශපාලනික මිත්‍රත්වය තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡාවේ අවධානය යොමු වූ අතර ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය වෙත රුසියානු ජාතික සංචාරකයින්ගේ පැමිණීම ධනාත්මක අයුරින් බලපාන ආකාරය පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය.
මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා ද සහභාගී විය.

Off