Hotline -118, Email: info@pubsec.gov.lk

  1. ගුණාත්මක සේවාවක් ලබාදීම තුළින් මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසියේ සේවා ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම.
  2. ග්‍රාමීය ප්‍රජාවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම.
  3. ප්‍රජා මට්ටමින් මෙන්ම පාසල්වල සහ අධ්‍යාපන ආයතනවල, රාජ්‍ය හා පෞද්ගලික සේවා ස්ථානවල ළමුන් සඳහා ද මත්ද්‍රව්‍ය උවදුරෙන් සමාජය මුදා ගැනීම සඳහා ආගමික මධ්‍යස්ථාන, සමාජ සංවිධාන සහ රාජ්‍ය හා පෞද්ගලික අංශ සමඟ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  4. මහජන ජීවිතය සුරක්ෂිතව තබා ගැනීම සඳහා මංකොල්ලකෑම්, මිනීමැරුම්, සමාජ විරෝධී ක්‍රියාකාරකම් සහ අපරාධ පාලනය කිරීම සහ මර්දනය කිරීම.
  5. රටේ සියලුම පුරවැසියන්ට විශේෂයෙන්ම කාන්තාවන්ට සහ ළමයින්ට නිදහසේ තම ජීවිතය ගත කිරීමට අවශ්‍ය රැකවරණය පවත්වාගෙන යාම.
  6. මාර්ගවල වාහන අක්‍රමවත් ලෙස භාවිත කිරීම, මාර්ග අනතුරු, මරණ, තුවාල සහ රෝහල්ගතවීම් සහ අක්‍රමවත් හා නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, මංතීරු නීති උල්ලංඝනය කිරීම් වැළැක්වීම සඳහා ක්‍රමානුකූල රථවාහන නියාමන පද්ධතියක් සහ නීතිමය රාමුවක් ක්‍රියාත්මක කිරීම සඳහා නවීන තාක්‍ෂණ හා ශිල්පීය ක්‍රම භාවිත කරමින් රථවාහන පොලිසිය ප්‍රතිසංවිධානය කිරීම සහ නවීකරණය කිරීම. සහ මාර්ග සංඥා, මෙන්ම විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල අක්‍රමවත් රිය පැදවීම සහ පාර අයිනේ වාහන නැවැත්වීම නිසා ඇතිවන මාර්ග තදබදය අවම කිරීම.

අපේ ආයතන

රාජ්ය ආරක්ෂක අමාත්යාංශය

© 2024 මහජන ආරක්ෂක අමාත්‍යාංශය – ශ්‍රී ලංකාව