Categories: Latest News

ආසියානු සමාජ සේවා ක්ෂේත්‍රයේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන එසේත් නො හොත් NGO ක්ෂේත්‍රයේ 2022 දර්ශකයට අනුව ශ්‍රී ලංකාව අදාල ශ්‍රේණිගත කිරීම් වල Not Doing Enough කාණ්ඩයට ඇතුළත් වී තිබීම


ආසියානු සමාජ සේවා ක්ෂේත්‍රයේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන එසේත් නො හොත් NGO ක්ෂේත්‍රයේ 2022 දර්ශකයට අනුව ශ්‍රී ලංකාව අදාල ශ්‍රේණිගත කිරීම් වල Not Doing Enough කාණ්ඩයට ඇතුළත් වී තිබූ අතර 2024 වර්ෂය වන විට ආසියාවේ සමාජ සේවා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රශස්ත බව මැන බැලෙන Doing Good Index 2024 වර්ෂයට අදාළ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට එමින් කාම්බෝජය,ඉන්දියාව,ඉන්දුනීසියාව,නේපාලය පකිස්ථානය තායිලන්තය හා වියට්නාමය යන රටවල් ද සමඟ Doing Okay කාණ්ඩයට ඇතුළත් ව ඇත.
වසර දෙකෙන් දෙකට මැන බලන මෙම දර්ශකයේ සිංගප්පූරුව හා චීන,තායිපේ රටවල් අයත් වන Doing well කාණ්ඩයට 2026 වසර වන විට ඇතුළත් වීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදු කරමින් පවතින බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලය පවසයි.

මෙම ශ්‍රේණිගත කිරීම් වලට අදාළ සියලු දත්ත සහිත ගොනුව – Download

Off