Categories: Latest News

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය අද (20) දින, ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අතර හමුවක් බත්තරමුල්ල, සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාපනයේ දී පැවැත්වින.

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් ශක්තිමත් කරගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම ඇමරිකාවේ අපේක්ෂාව වන බවත් රජයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබා දෙන බවත් ජුලී චන්ග් මහත්මිය මෙහිදී සඳහන් කළාය.

තව දුරටත් එතුමිය සඳහන් කර සිටියේ දේශපාලන බලපෑම් වලින් තොරව නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා නව රජය ගන්නා උත්සාහය අගය කරන බවත්‍, මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මර්ධනය සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බවත්, සයිබර් අවකාශයේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ සහයෝගීතාවය ලබා දීමට සූදානම් බවත් ය.

මෙම අවස්ථාව සඳහා ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, ගරු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා හා අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ද සහභාගි විය.

Off