2026.02.17 දින, පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ගරු සෙයිඩ් මොහොසින් රාසා නක්වි, ෆෙඩරල් අමාත්‍ය ගරු චෞද්රි සාලික් හුසේන් සහ ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් ජෙනරාල් ෆහීම් උල් අසීස් යන මහත්වරුන් ඇතුළු පකිස්ථාන ඉහළ පෙළේ දූත පිරිසක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගරු ආනන්ද විජේපාල මහතා හමු වූහ.
දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා මෙහිදී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලදී. මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම සඳහා කලාපීය සහයෝගිතාව ඉහළ නැංවීම පිළිබඳව ඔවුහු වැඩිදුරටත් සාකච්ඡා කළ අතර, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයන් ට එරෙහිව ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ. ශ්‍රී ලංකාව දැනට ගෙන යන මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ මෙහිදී පකිස්ථානයේ ඇගයීමට ලක් විය.
ප්‍රකාශන හිමිකම © 2026 මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය – ශ්‍රී ලංකාව. සියලුම හිමිකම් ඇවිරිණි.