Categories: Latest News SI

ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උතුරු පළාතේ පොලිස් ස්ථාන නිරීක්ෂණ දෙදින චාරිකාවක් සඳහා 2025.01.02 දින සම්බන්ධ විය. එහිදී ගරු අමාත්‍ය තුමා විසින් වව්නියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, වව්නියාව, මාන්කුලම්, ඕමන්ත, කොඩිකාමම්, යාපනය පොලිස් ස්ථාන සහ විශේෂ කාර්ය බලකා යාපනය කඳවුර නිරීක්ෂණය කරන ලදී.

එමෙන්ම වත්මන් රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා”(Clean Sri Lanka) ජාතික වැඩසටහන තුල ශ්‍රී ලංකා පොලිසියට හිමි වැදගත් භූමිකාව පිළිබඳවද අවධාරණය කළේය. අල්ලස දූෂණය සහ වංචා පිටුදැකීම, රථ වාහන අනතුරු අවම කරගැනීම, රටේ පවත්නා සියළුම අක්‍රමිකතා අවම කරගැනීම, නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම, රාජ්‍ය සේවය සම්බන්ධයෙන් වන යහපත් ආකල්පයක් ජනතාව තුල ඇති කිරීම, මහ ජනතාව වෙත ශ්‍රී ලංකා පොලිසියේ සේවය කාර්යක්ෂමව ලබා දීම වැනි දේ වල වැදගත්කම පිළිබඳව එතුමා අවධාරණය කරන ලදී.

උතුරු පළාත් සංචාරයෙන් පසුව අනුරාධපුර පොලිස් ස්ථානය නිරීක්ෂණය කළ එතුමා එහි පිහිටුවා ඇති “ක්ලීන් ශ්‍රී ලංකා” (Clean Sri Lanka) පළාත් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විවෘත කරන ලදී.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාත්, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාත්, ශ්‍රී ලංකා පොලිසියේ ‌ෙජ්‍යෂ්ඨ නිලධාරීන් රැසක්ද සහභාගී විය.

Off