Categories: Latest News SI

අධික වේගය හේතුවෙන් සිදුවන රිය අනතුරු අවම කර ගැනීම සඳහා නියමිත වේගය ඉක්මවා රිය ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීම ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍ය වන වේග මාපක උපකරණ මිලදී ගැනීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් රුපියල් මිලියන පනහක මුදලක් ලබා දීම සිදු විය. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමක්  මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ලේකම් හා ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා  අමාත්‍යාංශ ලේකම් 2025 ජනවාරි 08 වන දින ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.

Off