ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) මහතා ඇතුළු රාජතාන්ත්‍රික දූත පිරිසක් 2025.02.20 දින ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හමු විය.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින දෙරට අතර සංචාරක කර්මාන්තය පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ අතර දෙපාර්ශ්වයටම වාසි සහගත වන ලෙස සංචාරක ක්ෂේත්රය වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
එමෙන්ම දෙරට අතර සියලු අංශවල ද්වීපාර්ශවික සබඳතා සහ සහයෝගීතාවයන් තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද දෙපාර්ශවයම එකඟ විය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් හා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා ද සහභාගී විය.

Off