මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ 118 මහජන ආරක්ෂක සේවාව දුරකථනය මඟින් ලබා ගත් පැමිණිලි සඳහා පමණක් සීමා නොවී 118.pubsec.gov.lk නිල වෙබ් පිටුව මඟින්ද මහජන පැමිණිලි හා තොරතුරු ලබා ගැනීම සඳහාද විවෘත කෙරිනි.
මෙම වෙබ් පිටුව මගින් මහජනතාවට දවසේ පැය 24 පුරාම මහජන ආරක්ෂාවට අදාළ තොරතුරු සහ පැමිණිලි භාෂා ත්‍රිත්වයෙන්ම මාර්ගගතව ඉදිරිපත් කිරීම සඳහා පහසුකම් සලසා ඇත. එහිදී පැමිණිලි සහ තොරතුරු ලිඛිතව ඉදිරිපත් කිරීමට මෙන්ම, ඒවාට අදාළ හඬපට සහ ඡායාරූප ඇමිණීමට ද මෙම පද්ධතිය තුල හැකියාව පවතී.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට අමතරව අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා පොලිසිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන කාර්යාංශය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සම්බන්ධයෙන් මහජන පැමිණිලි සහ තොරතුරු මෙම වෙබ් පිටුව ඔස්සේ ඉදිරිපත් කළ හැකිය. එමෙන්ම, ඉදිරිපත් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පසුවිපරම් කිරීමට ද මෙමගින් අවස්ථාව සලසා ඇත.
ව්‍යාජ හෝ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමෙන් වැළකී, මහජන හා රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඩලීමට සහාය වන අයුරින් මෙම සේවාව වගකීමෙන් භාවිත කරන ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Copyright © 2026 Minister of Public Security and Parliamentary Affairs – Sri Lanka. All Rights Reserved.