Our History SI

2013-08-16 දිනැති අංක 1823/70 දැක්වෙන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පිහිටුවන ලද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ විෂය පථයට සංශෝධන කිහිපයකට මුහුණ දීමට සිදු විය. 2018-11-05 දිනැති අංක 2096/17 දැක්වෙන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතේ අභ්‍යන්තර ආරක්ෂක අංශය ලෙස පිහිටුවන ලදී. පසුව 2020-08-09 දිනැති අංක 2187/27 දැක්වෙන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් එම අංශයේ විෂය පථය අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පිහිටුවන ලදී. ඉන් අනතුරුව 2020-11-20 දිනැති අංක 2202/25 දැක්වෙන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අභ්‍යන්තර ආරක්ෂක අංශයේ විෂය පථයට සිදුකළ සංශෝධන සමඟ මහජන ආරක්ෂක අමාත්‍යාංශය පිහිටුවන ලදී. එතැන් සිට රටේ අභ්‍යන්තර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 2020 වසරේ රජයේ ප්‍රතිපත්ති සහ සැලසුම්වලට අනුකූලව මෙම අමාත්‍යාංශය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වේ.

ප්‍රකාශන හිමිකම © 2026 මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය – ශ්‍රී ලංකාව. සියලුම හිමිකම් ඇවිරිණි.