ප්‍රධාන කාර්යයන්

  • මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසියේ සේවා මට්ටම් උසස් කිරීම.
  • ප්‍රජා මට්ටමින් මෙන්ම පාසල් හා අධ්‍යාපන ආයතනවල ළමුන්, රාජ්‍ය හා පෞද්ගලික රැකියා ස්ථාන මත්ද්‍රව්‍ය උදුරෙන් මුදවා ගැනීම සඳහා ආගමික මධ්‍යස්ථාන, සාමාජික සංවිධාන සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයන් හා එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • අභ්‍යන්තර ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් අන්තවාදය සහ ත්‍රස්තවාදය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම.
  • මහජන ජීවිතය සුරක්ෂිතව තැබීම සඳහා මංකොල්ලකෑම්, මිනීමැරුම්, සමාජ විරෝධී ක්‍රියාකාරකම් සහ අපරාධ පාලනය කිරීම සහ මර්දනය කිරීම.
  • සියලුම පුරවැසියන්ට, විශේෂයෙන්ම කාන්තාවන්ට සහ ළමයින්ට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය රැකවරණය පවත්වාගෙන යාම.
  • මාර්ගවල නොසැලකිලිමත් ලෙස වාහන භාවිතය, මාර්ග අනතුරු, මරණ, තුවාල ලැබීම්, රෝහල්ගත කිරීම් සහ අක්‍රමවත් හා නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, මංතීරු නීති සහ මාර්ග සලකුණු උල්ලංඝනය කිරීම වැළැක්වීම සඳහා ක්‍රමවත් රථවාහන පාලන පද්ධතියක් සහ නීතිමය රාමුවක් බලාත්මක කිරීමට මෙන්ම, විශේෂයෙන් නාගරික ප්‍රදේශවල අක්‍රමවත් රිය පැදවීම සහ මාර්ග දෙපස වාහන නැවැත්වීම නිසා ඇතිවන රථවාහන තදබදය අවම කිරීම සඳහා නූතන තාක්ෂණයන් සහ ශිල්පක්‍රම භාවිතයෙන් රථවාහන පොලිසිය ප්‍රතිසංවිධානය කිරීම සහ නවීකරණය කිරීම.
  • ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ රාජ්‍ය නොවන සංවිධානවල සම්බන්ධීකරණයෙන් යුතුව රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක වීමට අවස්ථාව සැලසීම.
  • ආගමන හා විගමන කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ එය කාර්යක්ෂම සේවාවක් ලෙස පවත්වාගෙන යාම.
  • දේශීය පුද්ගල අනන්‍යතාව තහවුරු කිරීම ප්‍රවර්ධනය කරමින් එය කාර්යක්ෂම සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කිරීම.

ප්‍රකාශන හිමිකම © 2026 මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය – ශ්‍රී ලංකාව. සියලුම හිමිකම් ඇවිරිණි.