ධාරිතා සංවර්ධන සැලසුම් සකස් කිරීම 2023 – 2025

මහජන ආරක්ෂක අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ඇති, ශ්‍රී ලංකා පොලිසිය ,පොලිස් විශේෂ කාර්ය බලකාය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය යන ආයතනයන් හි නියෝජිත නිලධාරීන් 50 කට ආසන්න පිරිසක ගේ සහභාගීත්වයෙන් 2023.08.11 දින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ධාරිතා සංවර්ධන සැලසුම් සකස් කිරීමේ වැඩමුළුවක් ආගමන හා විගමන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පවත්වන ලදි.මහජන ආරක්ෂක අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ඇති, ශ්‍රී ලංකා පොලිසිය ,පොලිස් විශේෂ කාර්ය බලකාය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය යන ආයතනයන් හි නියෝජිත නිලධාරීන් 50 කට ආසන්න පිරිසක ගේ සහභාගීත්වයෙන් 2023.08.11 දින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ධාරිතා සංවර්ධන සැලසුම් සකස් කිරීමේ වැඩමුළුවක් ආගමන හා විගමන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පවත්වන ලදි.
ඒ සඳහා අනුග්‍රහය රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයෙන් සිදු කරන ලද අතර, The Institute for Monitaoring and Evaluation (TIME) ආයතනය විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදි., එහි දී ආචාර්ය දයානී පනාගොඩ මහත්මිය හා නීතිඥ ඉන්දික පෙරේරා මහතා විසින් දේශන මෙහෙයවන ලදි.
මෙම වැඩමුළුවේ දී පුහුණු අවශ්‍ය ක්ෂේත්‍ර හඳුනා ගැනීම ,පුහුණු ක්‍රමවේද ,පුහුණු මාධ්‍ය හඳුනා ගැනීම, සංකල්ප පත්‍රිකාවක් සකස් කිරීම,ව්‍යාපෘති යෝජනාවලියක් සැකසීම ,ගැට‍ළු හඳුනා ගැනීම ,දත්ත රැස් කිරීම ,සම්පත් හා ප්‍රතිපාදන ක්‍රමවත් ව යොදාගැනීම හා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම ආදී කරුණු රාශියක් පිළිබඳ සාකච්ඡා කරන ලදි.