මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආගමන විගමන පරිපාලනය අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් 2026 මාර්තු 14 වන දින මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා දූත පිරිසෙහි නායකත්වය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගරු ආනන්ද විජේපාල මහතා විසින් දරන ලද අතර, චීන දූත පිරිසෙහි නායකත්වය මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආගමන විගමන පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය ගරු ෂැං යොන්ග් (Zhang Yong) මහතා විසින් දරන ලදී.
මෙම අමාත්‍යාංශය නියෝජනය කරමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) සී.ඩී. කළුආරච්චි, අතිරේක ලේකම් (පාලන හා පොලිස්) එම්.එස්.පී. සූරියප්පෙරුම, ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ යන මහත්ම මහත්මීන් ඇතුළු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සක්‍රීයව දායක වූහ.
මෙම හමුවේදී දෙරටේ ආගමන විගමන පරිපාලනය, දේශසීමා පාලනය සහ මහජන ආරක්ෂාවට අදාළ වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් විය. ශ්‍රී ලංකාවේ දේශසීමා පාලන කටයුතු නවීකරණය කිරීම සඳහා චීන රජයේ සහයෝගය ලබා දීමට පොරොන්දු වූ අතර, තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ආගමන විගමන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම කෙරෙහි අවධානය යොමු විය. ඒ සඳහා චීන සමූහාණ්ඩු රජය මූල්‍යමය වශයෙන් ආධාර කිරීමට නියමිතය. දේශසීමා හරහා සිදුවන සංවිධානාත්මක අපරාධ, මිනිස් ජාවාරම් සහ සයිබර් අපරාධ මර්දනය කිරීම සඳහා දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි. දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ ඓතිහාසික සබඳතා සිහිපත් කරමින්, චීනයේ සහයෝගය සැමවිටම ශ්‍රී ලංකාවට හිමිවන බව චීන දූත පිරිස සහතික කළහ.
ප්‍රකාශන හිමිකම © 2026 මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය – ශ්‍රී ලංකාව. සියලුම හිමිකම් ඇවිරිණි.